පසුගිය ජූනි මස 02 වන දින කුරුණෑගල සහ මාතර ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මෙම අනතුරු පිළිබඳව පොලීසිය මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල පොලිස් වසමේ බෝධිරාජ මාවතේදී සිදුවූ අනතුරෙන් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසූ පරිදි, කුරුණෑගල සිට මැල්සිරිපුර දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකට මගියෙකු ගොඩවීමට යාමේදී ලිස්සා වැටී බස් රථයට යටවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මරණකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හඳුනාගෙන ඇත්තේ. මේ සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.
තවත් අනතුරක් මාතර පොලිස් වසමේ මාතර-අකුරැස්ස මාර්ගයේ ගොඩගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර එහිදී 73 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය පැවසූ පරිදි, මාතර සිට අකුරැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කරමින් තිබූ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. අනතුරින් පාපැදිකරු, පාපැදියේ ගමන් කළ කාන්තාවක් සහ යතුරුපැදිකරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පාපැදිකරු මියගොස් තිබෙනවා. මරණකරු හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හඳුනාගෙන ඇත්තේ. මෙම අනතුර සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව ද සඳහන්.
දුකයි .පරිස්සම් වෙන්න
ReplyDeleteදුකයි. පරිස්සමින් රිය පදවන්න
ReplyDelete