කටුනේරිය ශාන්ත අන්තෝනි මාවතේදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ - සැකකරු අත්අඩංගුවට
මාරවිල පොලිස් වසමට අයත් කටුනේරිය ශාන්ත අන්තෝනි මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙම සිද්ධිය 2025 ජූනි මස 02 වන දින සවස් කාලයේදී සිදුව ඇති බවයි මාරවිල පොලිසිය ප්‍රකාශ කරන්නේ.
මෙලෙස ඝාතනය වී ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ 43 හැවිරිදි පුද්ගලයෙකි. තියුණු ආයුධයකින් එල්ල වූ පහරදීමකින් තුවාල ලැබූ මොහු වහාම මාරවිල රෝහලට ඇතුලත් කර ඇති අතර රෝහලට ඇතුලත් කිරීමේදී මරණකරු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකළ මාරවිල පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ පුද්ගලික ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට හේතුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන මේ වන විට මාරවිල පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබයි. ඝාතනයට හේතුවූ නිශ්චිත කරුණු සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් තොරතුරු විමර්ශන අවසානයේදී අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.