මොරගහහේන ඇටඹහේන ප්‍රදේශයේ මහා පරිමාණයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලූ මොරගහහේන පොලීසිය, සැකකරුවෙකු අත්අඩංගුවට
මොරගහහේන පොලිස් බල ප්‍රදේශයට අයත් ඇටඹහේන ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් ඊයේ (02) දින මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.
මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1855 මිලි ලීටර් 500 ක් (බැරල් 10 ක්), නීති විරෝධී මත්පැන් ලීටර් 07 මිලි ලීටර් 500 ක් (බෝතල් 10) සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් වයස අවුරුදු 31 ක් වන ගොනපල ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුවෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය භාවිතයත්, එය සමාජයට කරන හානියත් අමුතුවෙන් කිව යුතු නැහැ. තරුණ තරුණියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා පවුල් සංස්ථාව බිඳ වැටෙන අතර සමාජයේ සාමය සහජීවනය නැති වී යනවා. විශේෂයෙන්ම මෙවැනි නීති විරෝධී මත්පැන් ජාවාරම් මගින් අඩු මිලට මත්පැන් ලබා දීම නිසා තරුණයන් පහසුවෙන්ම එයට ඇබ්බැහි වීමේ අවදානමක් පවතිනවා.
මෙම ජාවාරම පවත්වාගෙන යාමට ආධාර අනුබල දුන් සැකකරුවන් සොයා මොරගහහේන පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ. මෙවැනි නීති විරෝධී ජාවාරම් පිළිබඳව තොරතුරු දන්නේ නම් වහාම පොලිසියට දැනුම් දෙන ලෙස මොරගහහේන පොලිස් ස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.