පසුගිය පලමුවැනිදා පොලිස් නිලධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
2025 ජූනි මස 01 වන දින අතුරුගිරිය පොලිස් වසමේ මලව් ගෙවත්ත ප්‍රදේශයේදී අතුරුගිරිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 300ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තවද, 2025 ජූනි මස 01 වන දින ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන සහ දෙවට පාර ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද තවත් වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 16ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් වයස අවුරුදු 32ක් වන තිස්සමහාරාමය සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
එමෙන්ම, 2025 ජූනි මස 01 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටළඟ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වූ තරුණයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර, 2025 ජූනි මස 01 වන දින තඹුත්තේගම පොලිස් වසමේ නවසිරිගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 30ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 33 මිලි ලීටර් 75ක්, ගෑස් සිලින්ඩරයක්, තඹ දඟරයක්, ගෑස් ලිපක් සහ බැරල් 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 සහ 49 වන රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. තඹුත්තේගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.