BREAKING NEWS 🔴 :

බිලියනයක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් STF අල්ලයි

රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැලකිය යුතු මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් කොටුකරගැනීමට හැකිව ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් සිදුකල වැටලීමකදීය.



පසුගිය 06 වැනිදා සවස පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ගොතටුව පොලිස් වසමේ මානිගමුල්ල ප්‍රදේශයේදී සහ කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදී වැටලීම් දෙකක් සිදුකර තිබේ.


මෙම වැටලීම්වලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 106ක්, කාර් රථයක් සහ රුපියල් 150,000ක මුදලක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගොතටුව පොලීසියට භාර දී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 64 වන අතර, ඔවුන් ගොතටුව හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය.



අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් 2021 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන, වසරක් හා මාස 08ක් රැඳවුම් නියෝග මත සිට, පසුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නිදොස්කොට නිදහස් කරන ලද අයෙකි.
මොහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයෙකුගේ ඉඩම් භාරව කටයුතු කළ අයෙකු බවටද තොරතුරු ලැබී ඇත.
සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු වන 'චප්පා' නැමැත්තාගෙන් බවට අනාවරණය වී තිබේ.
ගොතටුව සහ කඩුවෙලින් කිලෝ 10කට අධික කුෂ් තොගයක් සමග දෙදෙනෙකු දැලේ - STF මෙහෙයුමකින් අත්අඩංගුවට
ගොතටුව / කඩුවෙල: පසුගිය 06 වැනිදා සවස් කාලයේ ගොතටුව පොලිස් වසමේ මානිගමුල්ල ප්‍රදේශයේදී සහ කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීම් දෙකකදී කිලෝ 10කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම් සිදුකර ඇත්තේ ලද තොරතුරු මතයි.

මෙම වැටලීම්වලින් පළමු වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 154ක්, ජංගම දුරකථනයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් සමඟ එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අනෙක් වැටලීමේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 106ක්, ඒ සඳහා භාවිතා කළ කාර් රථයක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 150,000ක මුදලක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගොතටුව පොලීසියට භාර දී ඇත. සමස්තයක් ලෙස කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 260ක් පමණ සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක් සහ 64ක් වන ගොතටුව සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් එක් අයෙකු සම්බන්ධයෙන් විශේෂ තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු 2021 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන වසරක් හා මාස 08ක් රැඳවුම් නියෝග මත සිට පසුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිදොස්කොට නිදහස් කරන ලද අයෙකි. තවද, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකුගේ ඉඩම් භාරව කටයුතු කළ අයෙකු ලෙසද මොහු ක්‍රියාකර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය, දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘චප්පා’ නැමැත්තාගෙන් ලබාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගොතටුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2