BREAKING NEWS 🔴 :

බොරැල්ල වෙඩි තැබීමේ සුලමුල හෙළිවේ: මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටුමක්

ඊයේ ( 07) රාත්‍රියේ බොරැල්ල, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ භයානක වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක කරයි.

ඊයේ ( 07) රාත්‍රියේ බොරැල්ල, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ භයානක වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. මෙම සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක කරයි.


වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 23 හැවිරිදි තරුණයා සුරේෂ් මදුෂාන් නොහොත් 'පකඩයා' නම් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු 'කුඩු චතූ' නමැත්තාගේ පාර්ශවයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට දින කිහිපයකට පෙර නිදහස්ව පැමිණ සිටි අයෙකි.


මෙම වෙඩි ප්‍රහාරය 'කුඩු දුමින්ද' නැමැත්තාගේ පාර්ශවයෙන් එල්ල කර ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙකුත් සිව්දෙනා බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 21ත් 23ත් අතර පසුවන්නෝ වෙති.


සිද්ධිය වූ අවස්ථාවේදී, විදෙස්ගතව සැඟව සිටින 'කුඩු චතූ' නැමැත්තාගේ සහෝදරයාද මෙම තරුණයින් සමඟ ක්‍රීඩාංගණයේ සිට ඇති බව පොලීසිය පවසයි. වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ අද (08) දින ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා ඔවුන් එහි රැඳී සිට ඇති බවයි.


වෙඩි තැබීම සඳහා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් ටී-56 (T-56) වර්ගයේ ගිනි අවියකින් ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩි ප්‍රහාර 26ක් පමණ එල්ල වී ඇති බව පොලීසිය සඳහන් කළේය. ප්‍රහාරය එල්ල කර මොහොතකින් ප්‍රහාරකයින් එම ස්ථානයෙන් පළාගොස් තිබේ. වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මේ වන විටත් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන පෙළක් ද මේ වන විට මාධ්‍ය වෙත ලැබී තිබේ.


වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයින් පස්දෙනා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. ලක් නිව්ස් 99 අපට ලැබුණ ආරංචි මාර්ග සදහන් කරන්නේ, තුවාල ලැබූ සෙසු තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ. ප්‍රදේශවාසීන් අතර යම් නොසන්සුන්තාවයක් ඇති කර ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර, නීතිය හා සාමය පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලීසිය පවසයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2