BREAKING NEWS 🔴 :

බොරැල්ල වෙඩිතැබීම: තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළයි

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ පසුගිය දා (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. මෙම මාරාන්තික වෙඩිතැබීමෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ පසුගිය දා (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයින් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. මෙම මාරාන්තික වෙඩිතැබීමෙන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.


කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවන තරුණයින් තිදෙනාම මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගෙන් එක් අයෙකුට ගැඹුරු තුවාල සිදුව ඇති බැවින් ඔහු දැනටමත් සැත්කමකට භාජනය කර ඇති බවද ඒ මහතා පැවසීය. ඉදිරියේදී ඔවුන් තවත් සැත්කම්වලට භාජනය කිරීමට සිදුවන බවත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිශ්චිතව මේ අවස්ථාවේ පැවසිය නොහැකි බවත් වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් කියා සිටියේය. අනෙක් තුවාල ලැබූ තරුණයාගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


රෝහල්ගතව ප්‍රතිකාර ලබන තුවාලකරුවන් වයස අවුරුදු 21, 22 සහ 23 යන වයස්වල පසුවන කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකි.


මෙම වෙඩිතැබීම පසුගිය දා (07) රාත්‍රී 8.40ට පමණ සිදුව ඇත. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයින් පස්දෙනෙකු ඉලක්ක කර 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි. වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2