අද (අප්‍රේල් 03) උදෑසන මාතර කපුගම ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වී තිබේ. මෙම සිද්ධියෙන් 48 හැවිරිදි බස් රථ හිමිකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබීම අද උදෑසන 6.35ට පමණ සිදුව ඇති අතර, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 48 හැවිරිදි අදාළ ව්‍යාපාරිකයා මේ වන විට ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කරයි.
