BREAKING NEWS 🔴 :

මාතර පරවි දූපත ආසන්න මුහුදේ නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

මාතර පොලිස් වසමට අයත් පරවි දූපතට යන පාලම ආසන්න මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (ජූලි 11) රාත්‍රියේ සොයාගත් බව මාතර පොලිසිය පවසයි.

මාතර පොලිස් වසමට අයත් පරවි දූපතට යන පාලම ආසන්න මුහුදේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (ජූලි 11) රාත්‍රියේ සොයාගත් බව මාතර පොලිසිය පවසයි.


පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර ගොඩට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත. මියගිය කාන්තාවගේ වයස අවුරුදු 40ත් 45ත් අතර වන අතර ඇය කළු සහ කහ වර්ණ මිශ්‍ර බ්ලවුසයක් සහ කළු පැහැති කොට සායක් ඇඳ සිට ඇත. ඇයගේ උස අඩි 5ක් පමණ වන බව පොලිසිය සඳහන් කරයි.


මෙම මරණය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මියගිය කාන්තාව කවුරුන්ද යන්න හඳුනා ගැනීමට මහජන සහාය අපේක්ෂා කරයි. මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් මාතර පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.



මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post