BREAKING NEWS 🔴 :

මිනුවන්ගොඩදී අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ ගලාහන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදු කර ඇත්තේ 2025 ජූලි මස 11 වන දින අලුයම්

මිනුවන්ගොඩ පොලිස් වසමේ ගලාහන්දිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සිදු කර ඇත්තේ 2025 ජූලි මස 11 වන දින අලුයම් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ කෙසෙල්බද්දර උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි.

අත්අඩංගුවට ගන්නා විට සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ ජංගම දුරකථනයක් තිබී ඇත. මෙම සැකකරු වයස අවුරුදු 37ක් වන දුනගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇති අතර, මිනුවන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටිනවා.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post