BREAKING NEWS 🔴 :

බොරැල්ල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය දා බොරැල්ලේ, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය දා බොරැල්ලේ, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ වෙළෙඳසැලකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම වෙඩි තැබීම සිදුවුණේ පසුගිය ජූලි මස 8 වනදාය. එදින යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙළෙඳසැලක සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් තිබුණි. ඒ සම්බන්ධයෙන් සිද්ධිය වූ දින සිටම බොරැල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.


ඒ අනුව, ඊයේ (ජූලි 16) සවස සහස්පුර ප්‍රදේශයේදී මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත් විය. මොහු 30 හැවිරිදි ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අපරාධයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද සැකකරු සමඟ පොලිසිය භාරයට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් ලැබුණු තොරතුරු අනුව, මෙම අපරාධයට අනුබල දුන් තවත් සැකකරුවෙක් ඊයේ සවස බොරැල්ල පොලිස් වසමේ සීවලි පටුමග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. මොහු 36 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115ක් තිබූ බව පොලිසිය පවසයි.


පොලිසිය පවසන පරිදි, දෙවන සැකකරු පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී, මෙම අපරාධයට යොදාගත් බවට සැකකෙරෙන ව්‍යාජ අංක තහඩුවක්, කඩුවක්, අපරාධකරුවන් ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රිරෝද රථයක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත.


බොරැල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2