BREAKING NEWS 🔴 :

කටුනායකින් රු. මිලියන 57ක 'කුෂ්' සමඟ ඩෙන්මාර්ක කාන්තාවක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රුපියල් මිලියන 57කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 5.7ක "කුෂ්" වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩෙන්මාර්ක

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රුපියල් මිලියන 57කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 5.7ක "කුෂ්" වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩෙන්මාර්ක ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කාන්තාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තායිලන්තයෙන් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.


අප වාර්තාකරු වාර්තා කරන පරිදි, මෙම මත්ද්‍රව්‍ය කෑම පැකට් 25ක් තුළ සඟවාගෙන ප්‍රවාහනය කරමින් සිටියදී සොයාගෙන තිබේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2