BREAKING NEWS 🔴 :

ඇලස්කාවට 7.3ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි

ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයක් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


මෙම භූකම්පනය හේතුවෙන් ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.


විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, භූකම්පනය ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති බවයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2