BREAKING NEWS 🔴 :

බොරැල්ල වෙඩි තැබීමට ආධාර කළ දෙදෙනෙක් දැලේ

බොරැල්ලේ වෙළඳසැලකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට උදව් කළ සැකකරුවන් දෙදනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

බොරැල්ලේ වෙළඳසැලකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට උදව් කළ සැකකරුවන් දෙදනෙකු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පසුගිය ජූලි 08 වනදා (2025.07.08) බොරැල්ල සර්පන්ටයින් පාරේ වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් ආ දෙදෙනෙක් වෙඩි තබා පැනගොස් තිබුණා. මේ පිළිබඳව බොරැල්ල පොලීසිය විමර්ශන කරමින් සිටියා.


මෙම වෙඩි තැබීමට ආධාර කළ බවට සැකකරුවෙක් පසුගිය ජූලි 16 වනදා සවස බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයා 30 හැවිරිදි ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සමඟ අපරාධයට යොදාගත් ත්‍රිරෝද රථයකුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා.


මේ සැකකරුගෙන් ලැබුණු තොරතුරු අනුව වෙඩි තැබීමට ආධාර කළ තවත් සැකකරුවෙක් ජූලි 16 වනදාම සවස බොරැල්ල සීවලි පටුමග ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයා 36 හැවිරිදි බොරැල්ලේම පදිංචිකරුවෙක්. ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115කුත් සොයාගෙන තියෙනවා.


මේ දෙවැනි සැකකරුගේ ගෙදර පරීක්ෂා කරද්දි අපරාධයට පාවිච්චි කරපු ව්‍යාජ නම්බර් ප්ලේට් එකක්, කඩුවක්, අපරාධකරුවන් ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක් සහ ජංගම දුරකථනයක් පොලිසිය බාරයට අරගෙන තියෙනවා.


බොරැල්ල පොලිසිය මේ සිද්ධිය ගැන තවත් විමර්ශන කරමින් ඉන්නවා.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2