දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙය සිදුව ඇත්තේ උදෑසන 11.00ට පමණ බව වාර්තා වෙනවා.
යතුරු පැදියකින් පැමිණි නොහඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔවුන් වහාම එම ස්ථානයෙන් පළා ගොස් තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.
කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් විශේෂ විමර්ශන ආරම්භ කර තිබේ.
