පොලිසිය විසින් දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී අවි ආයුද, ජීව පතොරම් සහ දඩමස් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (ජූලි 17) අලුයම නුවරඑළිය නගරයේදී සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් 9ක්, ඊයම්බෝල 174ක් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සමග දඩමස් ප්‍රවාහනයට යොදාගත් ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39, 50 සහ 55 වයස්වල පසුවන කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
එමෙන්ම, ඊයේ (ජූලි 16) සවස හබරාදුව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේදී සිදුකළ තවත් වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරම් 4ක්, කෙටේරියක් සහ තහනම් ආයුධයක් සමග එක් සැකකරුවෙකු හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නුවරඑළිය සහ හබරාදුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
