නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති මිලියන 1.3කට අධික විශාල තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කල්පිටිය, වෙල්ලමුන්දලම මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදීය. මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ඖෂධ තොගය සමඟ ඩිංගි යාත්‍රා 03ක් ද අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 44ත් අතර පසුවන පුද්ගලයන් පිරිසකි. ඔවුන් මොහොත්තුවාරම්, කුරක්කන්ගේනි, වන්නිමුන්දලම සහ සින්නකුඩුරිප්පු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සැකකරුවන්, අත්අඩංගුවට ගත් ඖෂධ පෙති තොගය සහ ඩිංගි යාත්‍රා තුන ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය වෙත
භාර දී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.