නව ව්‍යුහය යටතේ, සෑම සිසුවෙකුටම අනිවාර්ය වන මූලික විෂයයන් පහක් ඇත. ඒවා නම් ගණිතය, ඉංග්‍රීසි, මව් භාෂාව, ආගම සහ විද්‍යාවයි.
මෙම අනිවාර්ය විෂයයන්ට අමතරව, සිසුන්ට විවිධ විෂය ධාරාවන්ගෙන් විෂයයන් දෙකක් තෝරා ගැනීමට සිදුවේ. ඒවා තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය සහ ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා, සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලින් වේ.
මීට අමතරව, ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වල දිනකට පැවැත්වෙන කාල පරිච්ඡේද (periods) ගණන හතක් දක්වා අඩු වන අතර, එක් කාල පරිච්ඡේදයක් විනාඩි 50ක කාලයකින් සමන්විත වේ.
මෙම වෙනස්කම් මගින් සිසුන්ගේ අධ්‍යාපනික බර ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, මූලික නිපුණතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත්, සිසුන්ට නම්‍යශීලී විෂය තේරීම් සිදු කිරීමටත් මෙය අවස්ථාවක් සලසනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
