මාලදිවයින් රාජ්‍යයේ පොලිස් කොමසාරිස් ඉස්මයිල් නවීන් මහතා මෙරට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගිය 2025 ජූලි 15 වන දින සවස හමු වී තිබේ. මෙම හමුව සිදුවූයේ පොලිස් මූලස්ථානයේදීය.
දෙරටේ පොලිස් සේවාවන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණු බව පොලිස් මූලස්ථානය පවසයි.
මාලදිවයින් පොලිස් කොමසාරිස්වරයා ඇතුළු පිරිස පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිතුමා විසින් ඔවුන් ඉතා ගෞරවයෙන් පිළිගෙන ඇත. මෙම වැදගත් හමුව සිහිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිතුමා විසින් මාලදිවයින් කොමසාරිස්තුමාට සමරු තිළිණයක් ද පිරිනමන ලදී.