අමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලසුමක් නොමැති බව ඉරානය අවධාරණය කරයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
ඔහු පෙන්වා දෙන්නේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා කිසිදු ගිවිසුමක් හෝ විධිවිධානයක් නොමැති බවයි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැති බවත්, කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවත් විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර තිබෙනවා.
මේ අතර, දැන් ලෝකයේ අවධානය ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජාතිය අමතා කළ ප්‍රකාශය වෙත යොමුවී තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව තම න්‍යෂ්ටික පහසුකම්වලට එල්ල කළ ප්‍රහාරවලින් කිසිදු ජයග්‍රහණයක් ලබා නොගත් බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාර සැලකිය යුතු කිසිවක් ඉටු නොකළ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබුණා.
කෙසේවෙතත්, අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ, මෙම මෙහෙයුමෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට සැලකිය යුතු ලෙස හානි කර ඇති බවත්, එය වසර ගණනාවකින් පසුබෑමට ලක් කර ඇති බවත්ය. ඔහුගේ මෙම ප්‍රකාශය, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු මත පදනම් වී තිබෙනවා.
මෙම ප්‍රකාශයන් ලෝක බලවතුන් සහ ඉරානය අතර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් ඉස්මතු කරයි.