බෙල්ජියමේ පැවැත්වීමට නියමිත සුප්‍රකට ටුමෝරෝලන්ඩ් (Tomorrowland) සංගීත ප්‍රසංගයේ ප්‍රධාන වේදිකාවේ ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රසංගය ආරම්භ වීමට දින දෙකකට පෙර මෙම ගින්න ඇති වී ඇති අතර, වේදිකාවට දැඩි හානි සිදුව තිබේ.
මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බව වාර්තා වේ. කෙසේවෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මෙම දැවැන්ත සංගීත උළෙල එළඹෙන සිකුරාදා බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් (Boom) නම් නගරයේ දී ආරම්භ වීමට නියමිතයි. සති අන්ත දෙකක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට පුද්ගලයින් 400,000 කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
