BREAKING NEWS 🔴 :

ටීනියා රෝගීන් සැලකිය යුතු ලෙස ඉහළ යෑමක්

සම කැසීමේ දිලීර ආසාදිත චර්ම රෝගයක් වන ටීනියා රෝගීන් වත්මන් සමාජයේ සැලකිය යුතු ලෙස ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ

සම කැසීමේ දිලීර ආසාදිත චර්ම රෝගයක් වන ටීනියා රෝගීන් වත්මන් සමාජයේ සැලකිය යුතු ලෙස ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා පවසයි. ඒ මහතා අද (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.


වෛද්‍ය අකරවිට වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ගත වූ දශකයට සාපේක්ෂව සැසඳීමේදී, සම කැසීමේ දිලීර ආසාදන හේතුවෙන් සායන වෙත පැමිණෙන සෑම රෝගීන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් ටීනියා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන බවයි. මෙම දත්ත මගින් ටීනියා රෝග ව්‍යාප්තියේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ඒ මහතා අවධාරණය කළේය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2