කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ සරුංගල් නොයවන ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙය නොසලකා හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.
අරුණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම නිසා ගුවන් යානාවලට මෙන්ම ගුවන් මගීන්ගේ ජීවිතවලටද දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවන බවයි.
එබැවින් ගුවන්තොටුපොළ ආසන්නයෙන් සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස තමන් ඉල්ලා සිටින බව ඔහු පැවසුවා. විශේෂයෙන් අඩි 300කට වඩා ඉහළින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානියා අවධාරණය කළා.
මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ ගුවන් ගමන්වල සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් බව වාර්තා වේ.