BREAKING NEWS 🔴 :

දෙහිවල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ යතුරුපැදිය සොයා ගැනේ

පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් දෙහිවල සිදුවූ වෙඩි තැබීමකට භාවිත කළ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යතුරුපැදිය පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.

මෙම සිදුවීම 2025 ජූලි මස 18 වන දින උදෑසන  දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවිය. එහිදී කාර් රථයක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කර තිබේ.

අපරාධයෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පුළුල් සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.

 එම මෙහෙයුමේදී, වෙඩි තැබීම සඳහා අපරාධකරුවන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් පිළියන්දල ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයාගෙන තිබේ. මෙම යතුරුපැදියේ ව්‍යාජ අංක තහඩු සවි කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.

එම යතුරුපැදිය වැඩිදුර විමර්ශන සඳහා පිළියන්දල පොලිස් ස්ථානයට භාර දී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙහිවල පොලීසිය විසින් සිදු කරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2