BREAKING NEWS 🔴 :

හඳයා විසින් කහවත්ත ඝාතකයාට තෑගි ලෙස දුන් ජීප් රථය' පොලිස් භාරයට

කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා මහමග දණගස්සවා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් ‘හඳයා’ නමැත්තා විසින් කුල

කහවත්තේදී තරුණයකු පැහැරගෙන ගොස් මාංචු දමා මහමග දණගස්සවා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් ‘හඳයා’ නමැත්තා විසින් කුලී ඝාතකයාට ත්‍යාගයක් ලෙස ලබාදුන් බව කියන රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීප් රථයක් ඊයේ (23) පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම ජීප් රථය රඹුක්කන ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.


කහවත්තේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කුලී ඝාතකයා මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි. වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, මෙම සැකකාර කුලී ඝාතකයා වසර 18ක් යුද හමුදාවේ රාජකාරි කර ඇති අතර, ඉන් ඉවත්වී ඇත්තේ මීට වසර කීපයකට පෙර බවයි.


ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා ‘හඳයා’ විසින් මෙම ජීප් රථය කුලී ඝාතකයාට ලබාදී ඇත්තේ මීට මාසයකට පමණ පෙරය. තරුණයා ඝාතනය කිරීමෙන් පසුව, ‘හඳයා’ දුරකථනයෙන් කුලී ඝාතකයා අමතා, මෙම ජීප් රථය ඝාතනය වෙනුවෙන් ත්‍යාගයක් ලෙස පිරිනමන බව පවසා ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.


පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2