BREAKING NEWS 🔴 :

කෑගල්ල, මොණරාගල සහ මාතලේ ප්‍රදේශ වලින් ගිනි අවි සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුකළ පොලිස් මෙහෙයුම්වලින් විදෙස් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩ

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුකළ පොලිස් මෙහෙයුම්වලින් විදෙස් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් කෑගල්ල, මොණරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට අයත් අරණායක, බුත්තල, ඇතිමලේ සහ මාතලේ පොලිස් වසම්වලින් වාර්තා වේ.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අරණායක පොලිස් වසමේ දෙබත්ගමවත්ත ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව පතොරමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 69ක් වන නෙළුම්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අරණායක පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ අතර, මෙරට නිෂ්පාදිත ගිනි අවි සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකු අද සවස් කාලයේදී අදාළ පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව, බුත්තල පොලිස් වසමේ බුත්තල ප්‍රදේශයේදී 46 හැවිරිදි බුත්තල පදිංචිකරුවෙකුද, මාතලේ පොලිස් වසමේ රත්වත්ත ප්‍රදේශයේදී 48 හැවිරිදි රත්වත්ත පදිංචිකරුවෙකුද, ඇතිමලේ පොලිස් වසමේ විලඔය ප්‍රදේශයේදී 32 හැවිරිදි ඇතිමලේ වැව පදිංචිකරුවෙකුද මෙලෙස මෙරට නිෂ්පාදිත ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අරණායක, බුත්තල, මාතලේ සහ ඇතිමලේ පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2