BREAKING NEWS 🔴 :

සැඩ සුළඟට හසු වී මුහුදේ දී ධීවරයෙක් අතුරුදහන්

 

2025 ජූලි මස 19 වන දින අලුයම බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු සැඩ සුළඟකට හසුවී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.    මෙලෙස අතුරුදන් වී ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ධීවරයෙකි. ඔහු මෙහෙයවූ යාත්‍රාවේ ඔහු ඇතුළුව ධීවරයන් 6 දෙනෙකු පමණ සිටි බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා තහවුරු කරයි

2025 ජූලි මස 19 වන දින අලුයම බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු සැඩ සුළඟකට හසුවී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.


මෙලෙස අතුරුදන් වී ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ධීවරයෙකි. ඔහු මෙහෙයවූ යාත්‍රාවේ ඔහු ඇතුළුව ධීවරයන් 6 දෙනෙකු පමණ සිටි බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා තහවුරු කරයි.


අදාළ යාත්‍රාව පසුගිය ජූලි 15 වන දින මුහුදු ගොස් ඇති අතර, අද (ජූලි 19) උදෑසන නැවත ගොඩබිමට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ. සිද්ධිය වූ අවස්ථාවේ මුහුදේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ සැඩ සුළං හේතුවෙන් මෙම ධීවරයා දියේ ගිලී අතුරුදන් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.


අතුරුදන් වූ ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, අනෙකුත් ධීවරයන් පස්දෙනා ආරක්‍ෂිතව ගොඩබිමට පැමිණීමට සමත්ව ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2