BREAKING NEWS 🔴 :

තලවතුගොඩ වෙඩිතැබීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

අද (2025 ජූලි 19) අලුයම් කාලයේ තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.    මෙම සිද්ධියට මුලික වී ඇත්තේ, අදාළ රාත්‍රී සමාජ ශාලාව වෙත පැමිණි පුද්ගල කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ බහින්බස් වීමකි. වාර්තා වන පරිදි, මෙම ආරවුල අතරතුර, එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇත

අද (2025 ජූලි 19) අලුයම් කාලයේ තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


මෙම සිද්ධියට මුලික වී ඇත්තේ, අදාළ රාත්‍රී සමාජ ශාලාව වෙත පැමිණි පුද්ගල කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ බහින්බස් වීමකි. වාර්තා වන පරිදි, මෙම ආරවුල අතරතුර, එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇත.


එහිදී, අපරාධකරු බලපත්‍රයක් සහිත රිවෝල්වරයක් භාවිත කරමින්, විරුද්ධ පාර්ශ්වය බිය ගැන්වීම සඳහා තාප්පයකට වෙඩි තබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2