BREAKING NEWS 🔴 :

ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියට එරෙහි පැමිණිලි 100 ක්

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ඇයගේ ශල්‍යකර්මවලින් අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට පැමි

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ඇයගේ ශල්‍යකර්මවලින් අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට පැමිණිලි 100කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (අල්ලස් කොමිසම) අනාවරණය කරයි.


ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කළ මෙම විශේෂඥ වෛද්‍යවරිය, ස්නායු ශල්‍යකර්ම සිදු කිරීමේදී රෝගීන්ට අවශ්‍ය ශල්‍ය උපකරණ රෝහලෙන් පිටත පෞද්ගලික ආයතනවලින් මිලදී ගැනීමට සලස්වා ඇති බවට ප්‍රධාන චෝදනාවක් එල්ල වී තිබේ. මෙම ක්‍රියාව හරහා රෝගීන්ට මූල්‍යමය වශයෙන් මෙන්ම ශාරීරිකවද අලාභ හානි සිදුවී ඇති බවට ලද තොරතුරු මත විමර්ශන ක්‍රියාත්මක වේ.


මෙම සිදුවීම සම්බන්ධයෙන් වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇතුළු තිදෙනෙකු පසුගියදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔවුන් ලබන 15 වන දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.


මේ වන විටත් අගතියට පත් වූවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බවත්, මෙම අක්‍රමිකතාව පිළිබඳව හෝ පීඩාවට පත් වූ තවත් පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් එය වහාම දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසම මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


එවැනි තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික ඇමතුම් අංක 1954 හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කළ හැකි බව එම කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post