BREAKING NEWS 🔴 :

කොස්ගොඩ වෙඩි තැබීම: ඉලක්කය වැරදී මිතුරෙකුට බරපතලයි

කොස්ගොඩ, හතරමං හංදිය අසලදී පසුගියදා සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙ

කොස්ගොඩ, හතරමං හංදිය අසලදී පසුගිය (11) දින සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.


ආරංචි මාර්ග අනාවරණය කරන පරිදි, මෙම වෙඩික්කරුවන්ගේ සැබෑ ඉලක්කය වී ඇත්තේ 'කොස්ගොඩ බාලේ' නමැති ප්‍රදේශයේ ප්‍රකට පුද්ගලයෙකි. වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා, එම අවස්ථාවේ 'කොස්ගොඩ බාලේ'ට අයත් ත්‍රීරෝද රථය පදවාගෙන යමින් සිට ඇති අතර, ඉලක්කය වැරදීමෙන් ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.


මෙම ප්‍රහාරය පිටුපස, මෑතකදී 'කොස්ගොඩ බාලේ' සහ ඔහුගේ සහෝදරයන් අතින් අමානුෂික ලෙස පහරකෑමකට ලක්වූ බව කියන 'දොබේ ශාන්' නැමැත්තෙකු සිටින බවට තොරතුරු ලැබී ඇත. එම පහරදීමට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සැලසුම් කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.


වෙඩි වැදීමෙන් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ නාපේ, කොස්ගොඩ පදිංචි 'රම්මහත්තයා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කළුදුර නිමුතු අභිශාන් නැමැති තරුණයෙකි. ඔහුගේ පිට ප්‍රදේශයට වෙඩි වැදී ඇත. සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ සහෝදරයෙකු සහ සහෝදරියක ද ත්‍රීරෝද රථයේ සිට ඇති නමුත්, වාසනාවකට මෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නොමැත.


කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, යතුරුපැදියෙන් පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


සමාජ මධ්‍ය හරහා උපුටා ගන්නා ලදී

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post