යාපනය පොලිස් බල ප්‍රදේශයට අයත් පන්නේ ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම සිද්ධිය 2024 ජූනි 21 වන දින රාත්‍රියේ සිදුව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ යාපනයේ නිර්වේලි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. ඔහු එම හෝටලයේ සේවකයෙකු ලෙස සේවය කර ඇත.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර තිබූ විදුලි සෝපානයක අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගිය තරුණයාගේ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, යාපනය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.