බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේ 2025 ජුනි 21 වන දින සවස මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා. තඹුත්තේගම ප්‍රදේශයේ සිට වන්දනා ගමනක් ගිය බස් රථයක්, බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ගමන් කරමින් සිටියදී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගය මත පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබන බව වාර්තා වෙනවා.
මෙම අනතුරින් කාන්තාවන් 22 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර. ප්‍රතිකාර ලබමින් සිටියදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 14 හා 35 යන වයස්වල පසුවන තඹුත්තේගම හා කිරලේගම ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර මියගිය පුරුෂයා වයස අවුරුදු 42 ක් වන පහලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීර දැනට බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. බදුල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.