කැලණිය පොලිස් වසමේ, කැලණිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර තිබේ. ජූනි 21 වන දින සවස සිදු කළ මෙම වැටලීමේදී පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝග්‍රෑම් 3681ක් සොයා ගැනීමට හැකි වී ඇත.
මෙම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කරනු ලබයි.