BREAKING NEWS 🔴 :

මහියංගනයේ රිය අනතුරකින් තරුණයෙක් මරුට

ඊයේ (2025 ජුනි 20) මහියංගනය පොලිස් වසමේ බදුල්ල-මහියංගනය මාර්ගයේ 19 කණුව ආසන්නයේදී මාරක රිය අනතුරක් සිදුවුණා. බදුල්ල දෙසින් මහියංගනය දෙසට වේගයෙන් ධාවනය


ඊයේ (2025 ජුනි 20) මහියංගනය පොලිස් වසමේ බදුල්ල-මහියංගනය මාර්ගයේ 19 කණුව ආසන්නයේදී මාරක රිය අනතුරක් සිදුවුණා. බදුල්ල දෙසින් මහියංගනය දෙසට වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්, ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.


අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය වහාම මහියංගනය රෝහලට ඇතුළත් කළ අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් ඇත. මියගිය තරුණයා මහියංගනය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් බව පොලීසිය පවසයි.


අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය තරුණයාගේ සිරුර මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මහියංගනය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post