BREAKING NEWS 🔴 :

බාලවයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට

සිඟමන් යදිමින් සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවි කරමින් සිටි බාලවයස්කාර දරුවන් 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන

 අනාරක්ෂිතව සිඟමන් යැදූ බාලවයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට

සිඟමන් යදිමින් සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවි කරමින් සිටි බාලවයස්කාර දරුවන් 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය, ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව 2024 ජූනි 19 වන දින විශේෂ මෙහෙයුමක් දියත් කරමින් මෙම දරුවන් බාරගන්නා ලදී.


කොළඹ උතුර, දකුණ, මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල සහ මාතර යන පොලිස් කොට්ඨාසවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. ජනාකීර්ණ ප්‍රදේශවල සහ වෙළඳසැල් ආශ්‍රිතව අනාරක්ෂිතව සිටි දරුවන් මෙලෙස හඳුනාගෙන ඇත.


මෙම දරුවන් සුදුසු භාරකාරත්වයක් යටතේ තැබීමට කටයුතු කරමින් පවතින බව පොලීසිය පවසයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2