රඹුක්කන පොලිස් වසමට අයත් ගබ්බල ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 2025 ජූනි මස 01 වන දින සවස් කාලයේ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය පවසයි.
මියගිය කාන්තාව කොස්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකි. පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මියගිය කාන්තාව වෙනත් පුරුෂයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම සම්බන්ධතාවය හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක කරන බවත්ය. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.