අඟුරුවාතොට: අඟුරුවාතොට පොලිස් වසමට අයත් රෙමුණ, 03 කණුව ප්‍රදේශයේ පිහිටි ලී මෝලක සේවය කල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වේ. මෙම සිදුවීම 2025 ජුනි මස 01 වන දින රාත්‍රී කාලයේ සිදුව ඇති අතර, එය ලී මෝලෙහි සේවය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිදු වී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ අඟුරුවාතොට පොලිසිය සඳහන් කරන්නේ, ආරවුල අතරතුර එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට උදැල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට මුලික තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වූ, වෙන්දේසිවත්ත, වරකා වැහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 55ක් වූ, ලක්සිරිගම, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පුද්ගලයෙකු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෘත ශරීරය සිදුවීම සිදු වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිර තිබේ.
අඟුරුවාතොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.