වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක මුරකරු ඝාතනය කර වෑන් රථයක් පැහැරගත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා. සීදුව ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය 13 වනදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති අතර, නිවසේ හිමිකරුගේ දැනුම්දීම මත පොලිසිය විසින් නිවසේ කාමරයක තිබී මළ සිරුර සොයාගෙන තිබුණා. මියගොස් ඇත්තේ එම නිවසේ මුරකරු බව පසුව හඳුනාගෙන තිබෙනවා. ඝාතකයින් නිවසින් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා වෑන් රථයක්ද පැහැරගෙන ගොස් තිබුණා.
අවුරුදු 25 සහ 29 වයස්වල පසුවන අත්අඩංගුවට ගත් සැකකරුවන් සහෝදරයින් වන අතර, මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැතිවීම නිසා වෑන් රථය විකුණා මුදල් සොයා ගැනීමට උත්සාහ කළ බව ඔවුන් පොලිසියට පවසා තිබෙනවා. වෑන් රථයේ යතුර ඉල්ලූ විට මුරකරු එය ලබා නොදුන් නිසා ඔහුව ඝාතනය කළ බවද සැකකරුවන් පිළිගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.