BREAKING NEWS 🔴 :

කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපතිට ප්‍රහාරයක්

attack-kalpitiya-pradeshiya-sabha-chairman

ඊයේ රාත්‍රියේ (16) කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි මෝටර් රථයකට මදුරන්කුලිය විරුතෝඩේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.


මදුරන්කුලිය පොලීසිය පවසන පරිදි මෙම ප්‍රහාරයෙන් සභාපතිවරයාට සුළු තුවාල සිදුවී ඇති අතර වාහනයටද හානි සිදුව ඇත.


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට ගොස් නැවත නොරෝච්චෝලය බලා යමින් සිටියදී විරුතෝඩේ ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත. මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post