2009 වසරට කලින් ලබාගත් රියදුරු බලපත්‍ර අවලංගු කරන බවට පැතිර යන ආරංචි ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ නිවේදනයෙන් කියන්නේ රියදුරු බලපත්‍ර අවලංගු කිරීම ගැන කිසිම ඉක්මන් තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගන්න ඕන පියවර ගැන දැනටමත් කටයුතු කරමින් පවතිනවා.
ඒ වගේම 2009 ට කලින් ගත්ත රියදුරු බලපත්‍ර තියෙන අය හැකි ඉක්මනින් අලුත් රියදුරු බලපත්‍රයක් ලබාගන්න කියලත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.