මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳගේ සංවේදී ලිපියක්: සිරගතවීමෙන් පසු පළමු සඳහන
තම ස්වාමිපුරුෂයා වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව වසර විස්සක සිර දඬුවමක් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතරවාරයේ, ඔහුගේ බිරිඳ වන සෙනානි ජයරත්න අලුත්ගමගේ මහත්මිය විසින් සංවේදී හා දීර්ඝ ලිපියක් පළ කර ඇත.
මෙම ලිපිය, පසුගිය මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එනම් මාස හතකට වැඩි කාලයකට පසුව, හිටපු අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේ පළවූ පළමු සටහන වීම විශේෂත්වයකි.
මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී, සෙනානි අලුත්ගමගේ මහත්මිය විසින් සිය අත්දැකීම් සහ සිතුවිලි සමාජය සමග බෙදාගෙන ඇත්තේ දැඩි වේදනාවකිනි.
ඇයගේ මෙම ලිපිය මගින්, දේශපාලන කටයුතු සහ තමන් මුහුණ දුන් අභියෝග පිළිබඳව අමතරව, සිය පවුල් ජීවිතයේ පවතින දුෂ්කරතා සහ හැඟීම් ද මනාව ඉස්මතු කර පෙන්වා ඇත.
මෙම සිදුවීම් මාලාවට අදාල පෙර හා පසු තත්ත්වයන් පිළිබඳව විමර්ශනාත්මකව සාකච්ඡා කරන විශේෂ වීඩියෝවක් ද මෙහි දැක්වෙයි.
කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් සකස් කරන ලද මෙම වීඩියෝව, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට පක්ෂපාතීව නිර්මාණය කර නොමැති බවත්, එහි ප්‍රධාන අරමුණ වන්නේ ඕනෑම පුද්ගලයෙකුට, ඔවුන් සිදු කළ වරද කුමක් වුවත්, අසරණ වන හෝ අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවකදී, ඔවුන්ට සමීපව සිටින ඥාතීන් හා හිතවතුන් තුළ පහළවන සංවේදී සිතුවිලි සහ හැඟීම් පිළිබඳ විචාරයක් ඉදිරිපත් කිරීම බවත් අවධාරණය කරමි.
දුකයිඋ ඒත් කරන්න දෙයක් නෑ...
ReplyDelete