BREAKING NEWS 🔴 :

මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටි විශ්ව විද්‍යාලය සිසුවෙකු අතුරුදහන්.

 

කොළඹ වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ස්නෝර්කලින් කරමින් සිටියදී 24 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි කොළඹ වරාය පොලිසියට ලැබුණු පැමිණිල්ලක අනුව පොලිසිය

කොළඹ වරාය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ස්නෝර්කලින් කරමින් සිටියදී 24 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇතැයි කොළඹ වරාය පොලිසියට ලැබුණු පැමිණිල්ලක අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ තැනැත්තා ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.


කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එම ස්ථානයේ ස්නෝර්කලින් උපකරණ ආධාරයෙන් මුහුදේ පීනමින් මුහුදු පතුල නිරීක්ෂණය කරමින් සිටියදී එම සිසු කණ්ඩායමේ එක් පුද්ගලයකු අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.


අතුරුදන්වූ පුද්ගලයා පැළඳ සිටි ස්නෝර්කලින් උපකරණ ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය සිදුකරයි.


අතුරුදන්වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලිසිය, නාවික හමුදා කොට්ඨාසයේ කිමිදුම්කරුවන් හා නාවික හමුදාවේ රංගල නෞකාවේ කිමිදුම්කරුවන්ද ඒකාබද්ධව මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post