BREAKING NEWS 🔴 :

කෙහෙළියගේ දියණියට ඇවන්ගාඩ් මාසිකව ගෙවූ ලක්ෂ 13 ගැන සේනාධිපතිගෙන් විමර්ශන

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ඇවන්ගාඩ් සමාගමෙන් මාසිකව රුපියල් ලක්ෂ 13ක වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඇ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට ඇවන්ගාඩ් සමාගමෙන් මාසිකව රුපියල් ලක්ෂ 13ක වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

ඒ අනුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දුන්නේය.


අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කරමින් සිටියදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියට මාස 14ක් පුරා මෙම මුදල් ගෙවා ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ පිළිබඳව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.


කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියද අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් තමන්ට මෙම මුදල් ලැබුණු බව පිළිගෙන ඇත. ඒ අනුව ඇයට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් LakNews99 දිගින් දිගටම ඔබව දැනුවත් කරනු ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post