BREAKING NEWS 🔴 :

රාජාංගනයේ හාමුදුරුවෝ සංඝභාවයෙන් නෙරපයි

එම විනය කමිටුව විසින් සිදුකළ විමර්ශනයකින් පසු උන්වහන්සේ වරදකරු බවට තීරණය කර, භික්ෂු භාවයෙන් නෙරපා හැරීමට නියෝග කළ බව ද අධිකරණයට දන්වා ඇත.

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබේ. ‘රාජාංගනය හාමුදුරුවෝ’ නමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට අඛණ්ඩව ලැබුණු චෝදනා පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බව වාර්තා වේ.


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් පසුගිය (02) වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කළ බව ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් අධිකරණයට දන්වා සිටියේය.


එහිදී නීතිඥවරුන් වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ චෝදනා සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේදී Ven. සද්ධාරතන හිමීට චෝදනා පත්‍රයක් භාර දුන් බවත්, පෙබරවාරි මස 21 වැනිදා විද්වත් මහාසංඝයා වහන්සේ හතර නමකින් සමන්විත විනය කමිටුවකට මෙම කරුණ යොමු කළ බවත්ය.


එම විනය කමිටුව විසින් සිදුකළ විමර්ශනයකින් පසු උන්වහන්සේ වරදකරු බවට තීරණය කර, භික්ෂු භාවයෙන් නෙරපා හැරීමට නියෝග කළ බව ද අධිකරණයට දන්වා ඇත.


සංඝ සභාව විසින් ගනු ලැබූ මෙම නෙරපා හැරීමේ නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යංශය, බුද්ධශාසන අමාත්‍යංශය ඇතුළු අදාළ ආයතන රැසකට යොමු කර ඇති බව ද වාර්තා වේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post