කොළඹ - පිළියන්දල ප්‍රධාන මාර්ගයේ, බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක අද ගින්නක් හටගෙන තිබෙනවා.
මේ ගින්න මේ වනවිටත් ක්‍රියාත්මකයි. ගින්න මැඩපැවැත්වීම සඳහා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවට අයිති ගිනි නිවන රථ 4ක්ම සිද්ධිය වූ ස්ථානයට පිටත් කරලා තියෙනවා.
දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට අරගෙන, කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහාය ද මේ ගින්න නිවීම සඳහා ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
ගින්නට හේතුව හෝ සිදුව ඇති හානිය පිළිබඳව මේ වනතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ. එම ස්ථානයේ ගිනි නිවීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා.
A fire broke out at a wood shop in the Bokundara area on the Colombo - Piliyandala main road today.
The fire is still ongoing. Four fire engines belonging to the Dehiwala - Mount Lavinia Municipal Council have been dispatched to the scene to douse the fire.
The Dehiwala - Mount Lavinia Municipal Council Fire Department stated that, considering the current situation, they are also seeking the assistance of the Colombo Fire Department to douse the fire.
No further information has been reported so far regarding the cause of the fire or the extent of the damage. Firefighting operations are currently underway at the scene.