කොච්චිකඩේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර් 60ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොච්චිකඩේ:- කොච්චිකඩේ පොලිස් වසමේ වැලිහේන ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු ඊයේ (03) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකල වැටලීමකදී සිදුවී ඇත.
වැටලීම සිදුකල අවස්ථාවේදී සැකකරු සන්තකයේ නීති විරෝධී මත්පැන් ලීටර් 60ක් (බෝතල් 80ක්) තිබී සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන අතර ඔහු ගලිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැටලීමෙන් පසු සැකකරු වැඩිදුර කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.