පමුණුගම පොලිස් බල ප්‍රදේශයේ, මුතුරාජවෙල සමනල පාලම ආසන්නයේදී ඊයේ (ජූනි 13) උදෑසන සිදු කළ වැටලීම් දෙකකදී නීති විරෝධී මත්පැන් ලීටර් 135ක් (බෝතල් 180ක්) සහ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර් 3780ක් (බැරල් 20ක්) සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පමුණුගම පොලිසිය සමත් විය. මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම වැටලීම සිදු කර ඇත්තේ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 45 සහ 48 වයස්වල පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී. මෙම වැටලීම මගින් නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩපැවැත්වීමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.