මුලතිව්: නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලූ පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2025 ජුනි මස 06 වන දින අළුයම මුලතිව් පොලිස් වසමේ කෝකිලායි මාර්ගයේදී මෙම වැටලීම සිදු කර ඇත.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව, ධර්මපුරම් පොලිස් වසමේ සිට මුලතිව් පොලිස් වසමේ රෙට්ටවෛයිකාල් ප්‍රදේශයට යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්, පුදුකුඩිඉරිප්පු නගරයේ සහ මුලතිව් මාර්ගයේ සැඟවී සිටිමින් මෙම වැටලීම සිදුකර ඇත.
පරන්තන් දෙස සිට මුලතිව් දෙසට යතුරුපැදියකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන්, පොලිස් නිලධාරීන්ගේ නියෝග නොතකා වේගයෙන් පලා යාමට උත්සාහ කර ඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිය ලුහුබැඳ ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පුනන්නිරාවි සහ විශ්වමඩු ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 සහ 27 වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. ඔවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 110ක් සොයාගෙන ඇත.
පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.