BREAKING NEWS 🔴 :

හෙරොයින් සමග යතුරුපැදි සොරෙකු මොරටුවේදී අත්අඩංගුවට

මොරටුව පොලිස් බල ප්‍රදේශයේදී යතුරුපැදි සොරකම් සහ නිවාස බිඳ දේපල සොරාගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට මොරටුව ප

මොරටුව පොලිස් බල ප්‍රදේශයේදී යතුරුපැදි සොරකම් සහ නිවාස බිඳ දේපල සොරාගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසිය සමත් වී තිබේ.


2025 ජූනි 06  සවස් කාලයේ ලුනාව, 08 වන පටුමග, රත් පෙට්ටිය අසලදී පොලිස් නිලධාරීන් විසින් සිදු කළ හදිසි මාර්ග බාධක මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 520ක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ ඔහු මොරටුව ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි සොරකම් රැසකට සම්බන්ධ බවයි. සොරකම් කරන ලද යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර මොරටුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.


මෙම අත්අඩංගුවට ගැනීම මොරටුව ප්‍රදේශයේ අපරාධ මර්දනයට විශාල පිටිවහලක් වන අතර ඉදිරියේදීත් මෙවැනි වැටලීම් තව තවත් වැඩි කිරීමට පොලිසිය බලාපොරොත්තු වන බව දන්වා සිටී.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post