මැද පෙරදිග තත්වය මේ වන විට ඉතාමත් උණුසුම් වෙමින් පවතින අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තව තවත් වැඩිවීමේ ලකුණු පහල වෙමින් පවතී.
ඉරාන රාජ්‍ය රූපවාහිනියට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායෙල් භූමියට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව ඉරානය පවසයි. මේ අතර ටෙහෙරානයෙන් පලා යන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන වැසියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු අඟවා තිබේ. ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කර ඇත.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර වලින් මේ වන විට කාන්තාවන් සහ ළමුන් 70 දෙනෙකු ඇතුළුව 220 කට අධික පිරිසක් මිය ගොස් ඇත. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 20 කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇත.
මේ අතර, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 55,432 ක් මිය ගොස් 128,923 ක් තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර වලින් 1,139 දෙනෙකු මිය ගිය අතර 200 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන ගොස් ඇත.